Create Lasting Immpressions

ඔබ තුළ දිලෙන ඔබේ ආලෝකය සොයාගත්තාද?

දෙමාපියන්ට තම පවුල් සංස්ථාව හා දූදරුවන් ගොඩනැගීමට වැදගත් වන ලිපි

අපගේ අධ්‍යාපන කටයුතු නිමවා රැකීරක්ෂා අත්දැකීම් කැටිකොටගෙන විවාහයට හා පවුල් ජීවිතයට ඇතුළු වන්නේ කිසිඳු පෙර සූදානමක් නැතිවයි. 

 

දෙමාපියන්ගේ, විශේෂයෙන්ම මවකගේ අනුදැනුම හා පවුල, දූ දරුවන් ගොඩනගනා ආකාරය දරුවන්ගේ මුළුමහත් අනාගතයටම මහත් බලපෑමක් කරනවා. 

 

පවුල් සංස්ථාව හා දෙමාපියකරණ සුභසාදනය පිළිබඳ පුහුණු පාඨමාලා නැති වුවත්, මෙය නිවැරදිව කිරීමෙන්, ගැටළු ඇති වූ විට විශේෂඥ සහ පැතීමෙන්, ඒ ගැන කියවා දැනුවත් වීමෙන් ඔබ කරන්නේ මතු අනාගතය දීප්තියෙන් බබළවන්නට දායක වීමයි.

දෙමාපියකරණය සම්බන්ධ වීඩියෝ

දූ දරුවන් ලොකුමහත් කිරීමේදී මවකට පියෙකුට අත්දකින්නට පුළුවන් අභියෝග හා ඒවාට මුහුණ දෙන ආකාරය ගැන සඳහන්, මෙම කෙටි වීඩියෝපට එකතුව ඔබගේ මාපිය ගමනට අත්වැලක් වේවි.

නියුරෝ-වාග් යාන්ත්‍රණය
පාඩම් මාලාව අන්තර්ජාලය හරහා නොමිළේ

Neuro-linguistic Programing (NLP) Free online course in English 

නියුරෝ-වාග් යාන්ත්‍රණය පාඩම් මාලාව​

මා කරන දෑ

මා වෘත්තීමය වශයෙන් තවත් කර්තවයන් කිහිපයක්

උපදේශණ සේවා.

බම්බලපිටිය ලෝගෝස් ආයතනයේ හා කැළණියේ ‘කුඩා මල’ පරිශ්‍රයේ පවුල්  උපදේශණ සේවා මෙන්ම සන්නිවේදන උපදේශණ සේවා සපයනවා.

ලිවීම.

ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය වලින් දෙමාපිය දනුම, නියුරෝ-වාග් පාඩම් ආශ්‍රිත ලිපි ඇතුළු විවිධ ලිපි ලිවීම මාගේ දෛනික ජීවිතයෙන් කොටසක්.

සංගීත නිර්මාණය.

ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය වලින් ගීත තනු නිර්මාණය, ගීත රචනය මෙන්ම ගීත් ගායනයද මාගේ විනෝදාංශ අතුරින් ප්‍රියතම එකක් වනවා. මහත් භක්තියෙන් නිර්මාණය කෙරෙන මේවා ඔබ මොහොතකට හෝ රස විඳිය යුතුමයි…

උපදේශණයක් අවශ්‍යද?

අපගේ ශාරීරික සෞක්‍යය වඩාත් හොඳින් පවත්වාගන්නට හැකි වන්නේ අපගේ දෛනික ආහාර වේලට ගුණ සපිරි ආහාර ඇතුළත් කරගැනීමෙන් හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් පමණි.

 

පුද්ගලික උපදේශණය ඔබගේ මානසික සුවතාවය වඩන ඔසුපැන් පොදක් හා සමානය. ඔබ යා යුතු ගමන් මග හුවා දක්වන පහන් එළියක් වැනිය. 

කුස ගින්න දැනෙන මෙන් මනෝගින්න නොදැවෙන නිසා අප මන පිරවීම සෞක්‍ය සම්පන්න කරගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. 

ලෝකයේ සාගින්න තුරන් වූවත් දුක, සොම්නස, තන්හාව මෙන්ම මංමුළාවීම වැඩි වීමට හේතුව මෙයයි. 

පාඩම් මාලා හා ඊ-පොත්

ඔබේ ජීවිතය එළිය කරගන්නට උපකාරී වන මා ලියූ පාඩම් මාලා හා ඊ-පොත් කිහිපයක් නොමිළේම මෙතැනින් බාගත කරගන්න.

අප උපදේශණ වලින් ජීවිත පහන් කරගත් අයගෙන් වචනයක්!

“මා සම්බන්ධ වුණු NLP පුහුණු කිරීම ගැන නිලූෆ පෙරේරා මහත්මියට මා ඉතා කෘතඤපූර්වක වෙමි. එය අපූරු ගමනක ආරම්භයක්. NLP  මගේ මනස ප්‍රබල කිරීමට සහ වර්ධනය කිරීමට උදව් වුණා. මගේ සහ අන් අයගේ යහපත උදෙසා මගේ සිහින / අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීමට එය මට උපකාරී වුනා. අරමුණු සහිත ජීවිතයක් ගත කිරීමට කැමති සැමට මම මෙම පාඨමාලාව මාලාව නිර්දේශ කරමි.

Lakshika Fernando

As featured in: